Category

Sinhala

Curated stories exploring this theme.

21 articles

Jul 06, 2026

තෙවැනි ලොව රටවල කෘෂිකර්මාන්තයේ අර්බුදය:

විසිඑක්වන සියවසේ තාක්ෂණික හා ආර්ථික ප්‍රගතිය පිළිබඳ විශාල කතාබහක් පවතින නමුත්, ලෝකයේ බිලියන සංඛ්‍යාත ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තවමත් රඳා පවතින්නේ කෘෂිකර්මාන්තය මතය. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින හෙවත් තෙවැනි ලොව රටවල කෘෂිකර්මාන්තය ආර්ථික වර්ධනයේ මූලික අංශයක් පමණක් නොව, ග්‍රාමීය සමාජ ව්‍යුහය, රැකියා, සංස්කෘතිය, සහ දේශපාලන ස්ථාවරත්වය පවා තීරණය කරන ක්ෂේත්‍රයකි.

By ධම්ම දිසානායක

Jun 21, 2026

ප්‍රාථමික අතිරික්තයක් තිබියදීත් ආර්ථික වර්ධනය මන්දගාමී වන්නේ ඇයි?

විශේෂයෙන් ඉහළ රාජ්‍ය ණය බරකට මුහුණ දෙන රටවල, මූල්‍ය කළමනාකරණය නූතන සාර්ව ආර්ථික පාලනයේ කේන්ද්‍රීය අංගයකි. මූල්‍ය විනය පිළිබඳ එක් ප්‍රධාන දර්ශකයක් වන්නේ ප්‍රාථමික ශේෂය වන අතර එය රජයේ ආදායම පොලී නොවන වියදම් අඩු කිරීමෙන් මනිනු ලබයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය තිරසාරභාවය සහතික කිරීම සඳහා ප්‍රාථමික අතිරික්තයක් ලබා ගැනීමේ වැදගත්කම නිතර අවධාරණය කරයි.

By ධම්ම දිසානායක

Jun 02, 2026

බලසතුන්, බලසතු පැලැන්ති, නීතියේ ආධිපත්‍යය, සහ යුක්තිය පසිඳලීම

දේශපාලන සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, සහ සමාජ න්‍යාය තුළ elite යන පදයට සිංහල ව්‍යවහාරය වනුයේ ‘ප්‍රභූ පැලැන්ති’ යන්නය. එහෙත්  elite යන්නට මා යෝජනා කරන්නේ ‘බලසතු පැලැන්ති’ යන පදය ය. ‘වරදානිත පැලැන්තිය’ කියූවත් සුදුසුය. ‘එලිත් පැලැන්තිය’ කියූවත් නරක නැත

By ධම්ම දිසානායක

May 26, 2026

ෆෙඩරල්වාදය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ නව සංවාදයක්.

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ ෆෙඩරල්වාදය, බලය විමධ්‍යගත කිරීම සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව උතුර හා දකුණ අතර නැවත මතුවෙමින් ඇති සංවාදය විමසයි. එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ දේශපාලන උරුමය සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ව්‍යවස්ථාමය මැදිහත්වීම් ඔස්සේ, සාමකාමී හා එකඟතාවයකට පැමිණිය හැකි විසඳුමක් සඳහා රට ඉදිරියේ ඇති අභියෝගය මෙහි අවධාරණය කෙරේ.

By චන්ද්‍රනාථ

May 12, 2026

විජේට විවෘත ලිපියක්: ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්න

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත් වූ විජේ වෙත ලියන ලද මෙම විවෘත ලිපිය මඟින්, ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස ඔහුට අවධාරණය කරයි. අතීතයේ පැවති පටු ජාතිකවාදී දේශපාලනයෙන් සහ එල්ටීටීඊ හිතවාදයෙන් ඈත් වී, ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ සැබෑ ගැටලු විසඳීම සඳහා ඉන්දීය මධ්‍යම රජය සමඟ එක්ව නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකත්වයක් සහ ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ගොඩනඟා ගන්නා ලෙස කතුවරයා මෙහිදී උපදෙස් දෙයි.

By M.R. Narayan Swamy

May 12, 2026

ශ්‍රී ලංකාවේ ලෞකිකවාදය සඳහා නව ප්‍රවේශයක අවශ්‍යතාවය:

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සම්පාදනයේදී ආගම සහ රාජ්‍යය දැඩිව වෙන් කරන යුරෝපීය ලෞකිකවාදී ආකෘතියට වඩා, බී. ආර්. අම්බෙඩ්කර්ගේ "ප්‍රතිපත්තිමය දුරස්ථභාවය" මත පදනම් වූ ආකෘතිය මෙරටට වඩාත් උචිත වන ආකාරය මෙම ලිපියෙන් විග්‍රහ කෙරේ. එමගින් බුදුදහමට හිමි ප්‍රමුඛ ස්ථානය සංස්කෘතික භාරකාරත්වයක් ලෙස යළි අර්ථකථනය කරමින්, සියලු පුරවැසියන්ගේ සමාන අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය සුරක්ෂිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

By One Text Initiative

May 02, 2026

ලාල්කාන්ත සහ සමාජ ප්‍රාග්ධනය: සංකල්පීය පදනම්, ප්‍රධාන චින්තකයින්, සහ සමකාලීන අදාළත්වය

මේ දිනවල ලංකාවේ ඇතැමුන්ගේ හාස්‍යජනක මාතෘකාවක් වී ඇති ‘සමාජ ප්‍රාග්ධනයට’ සාධාරණයක් කිරීම මෙම එක්රැස් කර ලියා ඉදිරිපත් කිරීමේ අරමුනයි. විටින් විට මතුවන ප්‍රකාශ සහ ව්‍යවහාර අපට වැදගත් වන්නේ ඒවා පිලිබඳ ඇති මූලධාර්මික, න්‍යායික, සහ ශාස්ත්‍රීය පදනම් කෙරෙහි අවධානය යොමු වුනොත් ය යන්න මගේ අදහසයි. එසේම මෙරට රාජ්‍ය ප්‍රතිපත්තිමය සංවාදයට එවැනි සොයාබැලීමක් අත්‍යාවශ්‍ය ය.

By ධම්ම දිසානායක

Apr 22, 2026

ප්‍රකාශනයේ නිදහස; සදාචාරාත්මක, සමාජීය, සහ නීතිමය සීමා

ප්‍රකාශනයේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ මූලික ගලක් ලෙස පුළුල් ලෙස සලකනු ලබන අතර, පුද්ගලයන්ට අදහස් ප්‍රකාශ කිරීමට, අධිකාරියට අභියෝග කිරීමට සහ පොදු ජීවිතයට සහභාගී වීමට හැකියාව ලබා දෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (19 වන වගන්තිය) වැනි ප්‍රධාන ජාත්‍යන්තර මෙවලම්වල එය ආරක්ෂා කර ඇති අතර, එය “ඕනෑම මාධ්‍යයක් හරහා තොරතුරු සහ අදහස් සෙවීමට, ලබා ගැනීමට, සහ ලබා දීමට” ඇති අයිතිය තහවුරු කරයි. කෙසේ වෙතත්, මෙම නිදහස නිරපේක්ෂ හෝ සීමා රහිත එකක් නොවේ.

By ධම්ම දිසානායක

Apr 07, 2026

ඉන්දියාවේ ව්‍යවස්ථා වීරයා ; බීම්රාවෝ අම්බෙඩ්කාර්

ශ්‍රී ලංකාව සඳහා උචිත ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය විවිධ මානයන් ඔස්සේ තවදුරටත් ඉදිරියට විකාශනය වෙමින් තිබේ.එහිදී මෙරට ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙහිලා පාදක කරගත හැකි ජාත්‍යන්තර තළයේ මාර්ගෝපදේශයන් කවරේදැයි විමසා බලන විට ශ්‍රී ලංකාවෙහි අසල්වැසියා වන ඉන්දියාව ඉදිරියෙන්ම සිටින සිටින බව නිරීක්ෂණය වේ.ඉන්දියාවේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් - ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් ⁣පිළිබඳ සඳහනකින් තොරව ඉදිරියට ගෙන යා නොහැකිය

By ධම්මික සෙනෙවිරත්න