Jul 28, 2026
ඩෙංගු වසංගතය පිටුදැකීම සඳහා ප්‍රාදේශීය ආණ්ඩුවල වගකීම සහ වගවීම.
ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය සෑම වසරකම මාස කීපයක් ප්‍රබල ලෙසත් වසර පුරා සාමාන්‍ය ලෙසත් මහජන සෞඛ්‍යයට බරපතළ අභියෝගයක් එල්ල කරන වසංගත තත්ත්වයකි. එය, අනාවැකි විශේෂයෙන් කිවයුතු නැති සුපුරුදු මාරාන්තික වසංගතයකි. වැසි සමය ආරම්භ වීමත් සමඟ මදුරුවන් බෝවීම වේගවත් වන අතර, ඉන් පසු වැසි පහල ගියද රෝගීන්ගේ සංඛ්‍යාව බරපතළ සහ සැලකිය යුතු ලෙස ඉහළ යයි.