ලංකාණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට මුහුණ දුන් ආකාරය සම්බන්ධයෙන් මේ වන විට ඔවුන් වෙත විවේචන රැසක් එල්ල වෙමින් ඇත.

⁣සමුළු යෝජනා සම්බන්ධයෙන් ඡන්දයකට නොයාම චෝදනා එල්ල වන ප්‍රධාන කරුණ වුව, ඉන් ඔබ්බෙහි තවත් බරපතල ⁣විවේචන රැසක් වෙයි.යුද අපරාධ පිළිබඳ යෝජනා තව දුරටත් සක්‍රීය වීම ඒ අතරින් එක් ප්‍රධාන

විවේචනයකි. ජාත්‍යන්තර තලයෙහි මේ වන විට පැටලී ඇති විසදුම් ක්‍රියාවලිය ඡාතික තලයට ගෙන ඒම පිළිබඳ විවාදය මෙහි තවත් ප්‍රධාන තේමාවකි. මේ අභියෝගාත්මක කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට සැලසුමක් හෝ විධිමත් අධ්‍යයනයක් නැති බවට එල්ල වන චෝදනාව තවත් ප්‍රධාන තේමාවකි.

මෙවර කතිකාව ඒ සියලු කරුණු සංවාදයට බදුන් කරයි.